සූදානම් නොවී නොසිටිනු

on Tuesday, December 7, 2010



මේක මගෙ පලවෙනි post එක.. ගොඩාක් වැරදි ඇති. එහෙම උනොත් මට සමාවෙන්න ඕනා.

මගේ ජීවිතේ ගොඩාක් ලස්සන මතක සටහන් තියනවා. මගෙ පුංචිම කාලෙ, ඉස්කෝලෙ කාලෙ, කාලෙ, ගොඩාක් සුන්දර මතක සටහන් තියනවා. ඒ අතරින් මගේ ජීවිතේ අමුතුම වෙනසක් උන කාලයක් තියනවා, ඒ මම ශිෂ්‍යභටයෙක් විදිහට හිටපු කාලය. මම හිතන විදිහට ඒ කාලෙ තමයි මගෙ ජීවිතේ ට වටින දේවල් ගොඩක් එකතු කරගත්තු කාලය. ඒ වගේම මගේ ජීවිතය සාර්ථක වෙන්න අඩිතාලම වැටුනෙත් ඒ කාලෙ කිව්වොත් ඒක හරි.

මම මුලින්ම cadeting කරන්න පටන් ගත්තෙ 2005දි. මට මතකයි අපි පන්තියෙ ඉගෙනගන්නකොට දෙකේ හතරෙ අයියලා දෙන්නෙක් ඇවිත් කිව්වා cadet platoon එකට කට්ට්ය ගන්නවා කැමති අය නම් දෙන්න කියලා. ඒ වෙනකොට අපි cadetsලා ගැන දැනගෙන හිටියෙ කඩියො වගේ එහෙට මෙහෙට දුවන, බිංකුන්ඩො වගේ බිම බඩගාන කට්ට්යක් කියලා විතරයි. ඒ උනත් හැම එකටම හොම්බ දාන එක අපේ ගතිය නිසා අපිත් ඉතින් නම් දුන්නා..

කොහොමෙන් හරි ඔන්න ඊලග දවසෙ උදේ පාන්දරම මම practice ගියා. එතන අමුතුම ලෝකයක්.. තිතට වෙලාවට වැඩ.6.00 කියන්නෙ 6.00 ම තමයි. 5.59ත් නෙමෙයි, 6.01ත් නෙමෙයි. ඒ මදිවට ඉස්කෝලෙදි කට පුරා අයියා කියපු අයට සාජන්, කෝප්‍රල් වගේ විකාර නම් වලින් කතාකරන්නත් ඕනා. මටනම් මුලින් විකාරයක් වගේ, ඒ උනාට පහුවෙනකොට ඒ වචන කටට හුරු උනා. cadetsලා කියන්නෙ විනය උපරිමව තියන කට්ට්යක්. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි එහෙම නොහිටියොත් අම්බානෙකට ගුටි කන්න වෙන නිසා. ගිය අලුත කව්ද ඕවා දන්නෙ. මමත් ගිය දවසෙම දුන්න break එකකදි සාජන් කියන අයියාට පුංචි විහිලුවක් කලා. අම්මෝ.... මට එදා කොසු මිටක් කැඩෙනකම් ගැහුවා. එදා එදාමයි. අයෙමත් ලා එක්ක විහිලුනම් කලේ නැහැ.

ඔහොම මාස 4ක් විතර ගියා. cadeting මගෙ ජීවිතේම උනා. මම පන්තියෙ periods cut කරලා cadet room එකට වෙලා cadet lectures පාඩම් කලා. පුලුවන් හැම වෙලේමcadeting වෙනුවෙන් කැප උනා. කොහොමහරි මගේ කැපවීමයි, ආසාවයි නිසා මට camp යන 25 දෙනාට තේරෙන්න පුලුවන් උනා. කොහොම කොහොම හරි camp යන දවසත් ලං උනා. යන දවසට කලින් දවසෙ අම්මල තාත්තලට අපේ වැඩ කිඩ පොඩි consort එකකින් පෙන්නලා ඒ අයගෙන් සමුගත්තා. එදා රෑ නින්ද ගියෙත් නැහැ. හීනෙනුත් camp එක පේනවා.

ඔන්න ඉතින් පහුවෙනිදා උදේ පාන්දර 5.30 ට විතර දෙයියනේ කියලා යන්න පිටත් උනා. ගමන නම් හරි විනෝදයි. සිංදු කිය කිය මාර fun එකේ ගියා. අපි හවස 4.00 වෙනකොට රන්ටැඹේcamp එකට ආවා. එතන එකම යුද්ධයයි.. I.D check කරනවා,bag check කරනවා, උස බලනවා ජරමර ගොඩයි.එතනින් අපිට හම්බවුන billat එකට යනකොට 6.00 ට විතර ඇති.billat no එක B-23.

මම හිතුවා billat එකට ගිහින් ටිකක් rest කරන්න ලැබෙයි කියලා. මොන restද ගියවෙලේ ඉඳන් තීන්ත ගාන්නයි, ඇඳන් up කරන්නයි, එපා වෙනවා... ඊලග දවසෙ ඉදන් practice පටන් ගත්තා... ඒ දවස් ටිකේrest එකක් ඇත්තෙම නැහැ. camp එක මට තිත්තම උනා. test පටන් ගත්තෙ දවස් 4කට පස්සෙ. එතකොටනම් වැඩ අඩුයි. මාස ගානක් මහන්සි වෙලා practice කරපු දේවල් අපි හොඳින් ඉදිරිපත් කලා ,ජීවිතේ පලවෙනි වතාවට වෙඩි තිබ්බා. කොහොමහරි අපේplace එක 09 , billat එකෙන් 01, ඝනසරඹ වලින් 05, ආත්ම විශ්වාස වර්ධන පාඨමාලාවෙන් 09. Harmon loose camp එකට යන්න බැරි උනත් අපි හොඳ තරඟයක් දුන්නා. අන්තිම දවසෙ අම්මලා ඉස්සරහ Passin out එකේදි අවිසරඹ කරනකොට දැනුන සතුටනම් වචන වලින් කියන්න බෑ.

දවස් 12 ක camp එක ඉවර වෙලා එන්න පිටත් වෙනකොට හිතට දුකක් දැනුනත් ආවෙ ආයෙමත් camp එකේ පස් පාගන්නෙ නැහැ කියලා. ඒ උනත් මම ඊට පස්සෙ අවුරුදු 4ක් camp ගියා. ඒත් senior කෙනෙක් විදිහට ගිය ඒ අවුරුදු 4ටම වඩා මගේjonior year එක මගේ මතකයේ සදහටම රැඳිලා තියේවි..

මම...........

P4630 රෙ.සැ.මේ. ප්‍රනාන්දු M.A.U.C

7 comments:

gayani said...

School...... No one can forget their school life. Brilliant,,, fantastic,,, fun-full,,, and valuable period. Bt,,, one day v all have to say good bye, for our school time. Bt,,, v never say good bye for the sweetest memries v had that time. I think, this is the way u r gng hv sm flashbacks of ur school time. GOOD WORK Malliya. :)

චේතන... said...

thankz akki....

නදී said...

පාසල් කාලේ සුන්දර මතකයක්.දිගටම ලියන්න අපිත් ආසයි කියවන්න!මගෙන් සුබ පෑතුම්!

ශශී said...

මමත් කැඩෙට් කළා..
ඒ 2002 දී.
ඇත්තටම වචන වලට පෙරලන්න බැරි සුන්දරම අත්දැකීම් සමුදායක්...
14 වෙනි බලඇණියෙ 2002 දී අපේ ඛණ්ඩය තමා හොඳම වෙඩි තැබීම .. ඒ අවුරුද්දෙම හ්(ර්)මන්ලූස් තේරුනා...
ඒකෙදි නම් අපි 19 උනේ...
කෑම්ප් එකේදි කියපු සින්දුවක් තමා '' මා ඉතිං යන්න යනවා. මට යන්න අවසරයි'' කියන සිංදුව..
ඒක අදටත් ඇහෙද්දි මොනවදෝ වෙනව වගේ..ඇත්තටම ජීවිතේට වටිනා කාල පරිච්චේදයක් උනා ඒක... මේක දැකලා මටත් කැඩෙට් කාලෙ ගැන මගෙ බ්ලොග් එකා ලියන්න හිතුනා....
කොටින්ම මේක කියවද්දි මතකය අවුරුදු 8 ක් ඈතට ගියා....බොහෝමත්ම ලස්සනයි සහෝදරයා....

චේතන... said...

බොහෝම ස්තූතියි comments වලට......
@ ශශී සහෝදරයා.....
තවන් cadet කෙනෙක්ව හදුනාගන්න ලැබීම ලොකු සතුටක්... මගේ post එකෙන් තව කෙනෙක්ට එයාගෙ අතීතය මතක් උනානම් ඒක මට ඇති...... ආයෙමත් පාරක් බොහෝම ස්තූතියි comment කලාට....

ISH said...

ඔව් ඔව් නින්ජකාරයාගේ කතාව කියන්න

ayesha said...

කවුද මේ චේ උන්නැහේ කියලා බලන්න ආවා මේ පැත්තේ. දිගටම ලියන්න සුභපැතුම් යාළු. ඔයා චේතන නිසාද චේ උන්නැහේ කියලා දා ගත්තේ.

Post a Comment